Type Here to Get Search Results !

ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්


දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

advertisement
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණු දිස්ත්‍රික්කයි.

ඉකුත් පැය 24 තුළ තද වැසි ලැබී ඇති බැවින් නායයෑමේ ලක්ෂණ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම දිස්ත්‍රික්කවල ජනතාවට දැනුම් දෙන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads