Type Here to Get Search Results !

බෙලිඅත්තේ දුම්රියපොළ උණුසුම් වේ - මෙන්න හේතුව


දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන් කරවා නොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
advertisement
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් වුණා.
අද දින සිට දුම්රියේ මුළු ආසන ගණනට සමාන පිරිසකට දුම්රියෙහි ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය වීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටියා.
කෙසේ වුවද මගීන් සිවු දෙනකු පමණක් කලින් ආසන වෙන්කරවාගෙන තිබුණා.එලෙස වෙන්කරවාගත් මගීයකු පමණක් අද පැමිණ සිටි අතර එම මගියාට අමතරව තවත් මගීන් හත් දෙනකුට පමණක් පැමිණීමේ පිළිවෙල සහ අවශ්‍යතාව අනුව දුම්රියෙන් යාමට අවසර ලැබුණා.
කලින් වෙන්කරවානොගත් මගීන්ට දුම්රියෙන් යාමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස්බලා යාමට සිදුවුණා.
මේ හේතුවෙන් කෝපයට පත්වූ ඇතැම් මගීන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට බැන වදිමින් පිටව ගිය අතර මෙම දුම්රියෙහි මැදිරි විශාල ප්‍රමාණයක් හිස්ව පැවැති ආකාරය දක්නට හැකිවුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads