Type Here to Get Search Results !

UPDATE - හිටපු ඇමති රාජිතට අද ලැබුනු නියෝගය මෙන්න


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (13)නියෝග කළා.
advertisement
ඒ, මෙම නියෝගය දෝෂ සහිත බවට ප්‍රකාශ කරමින්.
ඒ අනුව මොහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත්වරියට නියෝග කළේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත පෙත්සම අද කැඳවූ අවස්ථාවේදියි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය කරනු ලැබුවේ.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව මෙහෙය වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් මස 30 වනදා නීතිපතිවරයාගේ විරෝධය නොතකා ඇප ලබාදී තිබුණා

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads