Type Here to Get Search Results !

කොරෝනා තුරන් වෙන්නේ නෑ - අප කලයුතු දේ හෙළිකරයි


ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවාසීන් වයිරසය සමඟ ජීවත් වීමට හුරුපුරුදු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
advertisement
ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනතුරු ඇඟවීම කළේ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 300,000කට ළඟා වෙමින් තිබෙන මොහොතකය.
‘‘නව කොරෝනා වයිරසයත් අනෙක් වයිරස වගේම අප අතර තියේවි. ඒ නිසි අපි නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වීමට පුරුදු වෙන්න ඕනෑ’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවැසුවා.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙමඒ බව සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads