ලොව විවිධ ප්‍රදේශවල වෛරසය නැවත වර්ධනය වන බවත්, සම්ප්‍රේෂණය මැඬපැවැත්වීමේ යම් සාර්ථකත්වයක් අත්කරගත් ස්ථාන දැන් දෙවැනි රැල්ලකට මුහුණ දී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස් ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණික නායක වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසනවා.
මෙම ස්ථානවල වෛරසය නැවත පණ ගැන්වීමට විවිධ හේතු පවතින බව පැවසූ ඇය, දකුණු කොරියාවේ සෝල් හි නව පොකුරක් රාත්‍රී සමාජශාලා සමග සම්බන්ධ වී ඇති බවත්, සිංගප්පූරුවේ වෛරසය පැතිර යාම බොහෝ දුරට සංකේන්ද්‍රණය වී ඇත්තේ සංක්‍රමණික සේවක නේවාසිකාගාර තුළ බවත් සඳහන් කළා.
“නමුත් සැබවින්ම වැදගත් වන්නේ චීනයේ, කොරියාවේ, සිංගප්පූරුවේ, වෛරසය නැවත වේගයෙන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ සම්බන්ධතා සොයා ගැනීම වේගයෙන් ආරම්භ කිරීමට ඔවුන්ට ක්‍රමවේදයන් තිබීමයි.
ඔවුන් කිසි විටෙකත් අත්හැරියේ නැහැ. මෙය සියලු රටවලට පාඩමක්. වෛරසය නැවත නැඟිටීමට, නැවත වැඩි කිරීමට අවස්ථා සොයාගැනීමට ඔවුන් උනන්දු වුණා. අපි හැමෝම ඒ සඳහා සූදානම් විය යුතුයි.” යනුවෙන් ඇය කියා සිටියා.


