කොව්ඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවු 09 වන මරණය ද ඊයේ (05) දිනයේ වාර්තා වුණා.
කොළඹ 15, මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ සිටි කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් අද පි.සි.ආර් පරික්ෂණයට ලක් කළා.
නමුත් අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනා ගෙන නැහැ.
මේ පිළිබඳ අදහස් දක්වමින් යුද හමුදාපති , ලුතින්න් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එම කාන්තාව ඇසුරු කළ පිරිස ඉතා ඉක්මනින් නිරෝධායනට යොමු කළත් ඇයට මෙම වෛරසය ආසාදනය වු ආකාරය පිළිබඳ ගැටළු සහගත බවයි.
ඒ නිසාවෙන් අද දිනය තුළත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පැවසු යුද හමුදාපතිවරයා, එසේ අද දිනයේ සොයා ගැනීමට නොහැකි වුවහොත් සියලු දෙනාගේම PCR පරීක්ෂණ කළ යුතුව ඇතැයි ද පැවසුවා.
කෙසේ හෝ අද දිනය තුළ ඒ පිළිබඳ කරුණු සොයා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


