රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදනය වූ ත්‍රිරෝද රථ රියැදුරා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයකු බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයන් 29 දෙනෙකු, නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් 75 දෙනෙකුද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු සඳහන් කළා.


