කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් වලින් සිල්ලරට මත්පැන් අලෙවි කරන සුරාසැල් පමණක් විවෘත කිරිමට ඊයේ (13) දින අවසර ලබා දිමත් සමග එම සුරාසැල් වල තිබු මත්පැන් තොග අවසන් වි ඇති බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා සඳහන් කළා.
මාස 1 ½ ආසන්න කාලයක් සුරාසැල් වෙත අවශ්‍යය මත්පැන් තොග නිකුත් නොකිරිම නිසා සුරාසැල් විවෘත කිරිමෙන් පසු එම සුරාසැල් වල තිබු සීමිත මත්පැන් බෝතල් තොගය ඊයේ (13) පස්වරුව වන විට අවසන් වි ඇති බව ජානක පෙරේරා මහතා කියා සිටියා.
ඊයේ (13) දිනට සාපෙක්ෂව අද (14) හැටන් නගරයේ විවෘත කර ඇති සිල්ලරට වෙලදාම් කරන සුරාසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට නොලැබුණු බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.


