Type Here to Get Search Results !

ලබාදුන් උපදෙස් අනුගමනය නොකර රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් රට පාවා දෙන්නන් - නියෝජ්‍ය පොලිස්පති


රට නැවත යථා තත්වයට පත් කිරීමේදී ලබාදුන් උපදෙස් අනුගමනය නොකර හිතුවක්කාරී ලෙස කටයුතු කරන රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් රට පාවා දෙන්නන්, රටට එරෙහි ද්‍රෝහීන් ලෙස සැලකීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

advertisement
ඔහු ඊයේ (14) රාත්‍රී සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

1815 දී ඉංග්‍රීසීන්ට රට පාවාදීමට කටයුතු කළ පුද්ගලයන් සහ මෙවැනි හදිසි අවස්ථාවකදී නීති-රීති, උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් එක හා සමාන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එවැනි පුද්ගලයන් සමාජයෙන් පිළිකුල් කර, ද්‍රෝහීන් ලෙස සලකා සාමාන්‍ය සමාජයෙන් බැහැර කළයුතු බව ද අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads