Type Here to Get Search Results !

අද සිට සුරාසැල් විවෘත කරන අලුත්ම විදිහ මෙන්න


සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසනවා.

advertisement
ඇඳිරි නීිතිය ලිහිල් කළ දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් ඊයේ (13) සිට විවෘත කෙරුණා. විවෘත කෙරුණු සුරාසැල් අසල දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. මෙලෙස සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීමක් බව පොලිසිය පෙන්වා දෙනවා. 

ඒ අනුවයි ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කිරීමට පොලිසිය තීරණය කර ඇත්තේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම ස්ථාන අසළ සිටි පිරිස් අතර තිබූ දුරස්ථභාවය පිළිබඳව කිසිඳු සෑහීමකට පත්විය නොහැකි බවයි. ජනතාව අවබෝධයෙන් කටයුතු නොකළොත් විවෘත වූ සියල්ල යළි වසා දමා රට යළිත් පිටුපසට යනු ඇති බවද පෙන්වා දුන්නා.

නිරෝධායන රීතීන් උල්ලංඝනය කල 53,000කට වැඩි පිරිසක් මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 14,000කට ආසන්නයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads