Type Here to Get Search Results !

හදිසි තත්වයකට සූදානම් - නෙළුව හා තවලමට හමුදාව යවයි


දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලම ප්‍රදේශවලට හමුදා කණ්ඩායම් යැවීමට ඊයේ (15) රාත්‍රියේ තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසනවා.
advertisement
නෙළුව හා තවලම ප්‍රදේශවලට දිවා කාලයේ තද වැසි ඇති නොවූව ද ඊයේ සවස 6.00න් පසු පැය එකහමාරක පමණ කාලයක දී මිලිමීටර 70 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් තවදුරටත් වැසි ඇතිවෙමින් පවතින බැවින් හදිසි ගංවතුර තත්ත්වයක් සඳහා පූර්ව සූදානමක් ලෙස ආපදා කළමනාකරණ ඒකකය එම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
තවලම ප්‍රදේශයට නාවික හමුදාවත්, නෙළුව ප්‍රදේශයට යුද හමුදාවත් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක්, කරාපිටිය රෝහල වෙත යන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වූ හිරිඹුර හරස්මාර්ගය අසළ බෙලිගහ හන්දිය සහ බද්දේගම මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවයි.
එමෙන්ම ගාල්ල මොරගොඩ ඇළේ පැති බැමි ඉදිකරමින් පවතින බැවින් දංගෙදර ප්‍රදේශයේ ජලය අවහිරවී නිවාස යටවීමේ අවදානමක් පවතින බව ද එම ඒකකය පවසනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads