හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමෙන් එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු වී තිබෙනවා.
හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා ඇතුළු සුරාබදු නිලධාරින්ද විවෘත කර තිබු සිල්ලර මත්පැන් අලෙවිසැල් වෙත පැමිණ සිල්ලර මත්පැන් අලෙවිසැල් හිමියන්ට සහ පාරිභෝගිකයන්ට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් මත්පැන් මිල දි ගන්නා ලෙසයි.
එසේ නොකල හොත් විවෘත කර ඇති සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා දැමිමට කටයුතු කරන බවද හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපතිවරයා පාරිභෝගිකයන් හමුවේ කියා සිටියා.







