Type Here to Get Search Results !

19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා..- ජනපති කැබිනෙට්ටුවට කියයි…


පසුගිය මැතිවරණයේ දී රටට පොරොන්දු වූයේ 19 අහෝසි කරනවා කියා මිස එහි කොටස් තබා ගන්නා බවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
advertisement

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද ඒ මහතා සඳහන් කර තිබේ.

එසේ නැතිනම් පවතින 19 සංශෝධනය ඒ ආකාරයම තබාගෙන 20 ඉවත් කරගෙන නව ව්‍යවස්ථාවක් හදන තෙක් ඉදිරියට යාම කල හැකි යයිද ජනාධිපතිවරයා පවසා ඇත.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

එහිදී පාර්ශවයන් අතර යමි මතවාද පළවූ අතර ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර ඇත්තේ දැනට ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධනය සම්මත කර පසුව එන ව්‍යවස්ථාවෙන් අඩුපාඩු සකස් කළ යුතු බවයි.

අවසානයේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads