Type Here to Get Search Results !

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්..


පාස්කු බෝම්බ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

advertisement
හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ කොමිසම හමුවට ඔක්තෝබර් මස 5 වනදා කැඳවා ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ඇත්තේ ඔක්තෝබර් මස 6 වන දා ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ තමන්ට මෙම කොමිසමේදී එල්ල වන චෝදනාවලට අනිවාර්යෙන්ම පිළිතුරු දෙන බවත් ඊට අමතරව තවත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළි කරණ බවත් ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිරිකොතේදී සඳහන් කර ඇත්තේ තමන් මෙම කොමිසම හමුවේ විශේෂ හෙලිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads