Type Here to Get Search Results !

20ට ඡන්දය දෙන්න පොරොන්දු වූ මිලියන 600කට වැසිකිලියේදී පොල්ලක්.. මන්ත‍්‍රී කෝපයෙන්..


20 වන ආණ්ඩුකම වස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පළකිරීම ලබාදීම සඳහා මන්ත්‍රීවරයෙක් විසින් රුපියල් මිලියන 600ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා වන සාකච්චාවේදී ඇමතිවරුන් දෙදෙනකු සමග එකී මන්ත්‍රීවරයා එකඟතාවක් ඇති කරගෙන තිබූ බවද දැනගන්නට ඇත.

සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබාදීමට පෙරාතුව එම මුදල ඉල්ලා සිටියද ඔහුට දැනුම් දී ඇත්තේ ඡන්දය ලබාදුන් පසු මුදල ලබා දෙන බවටයි.

ඡන්දය ලබාදීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පහළ වැසිකිළියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් අදාළ මුදල ලබා දෙන බව පොරොන්දු වූ ඇමතිවරුන් එම අවස්ථාව මගහැර ඇත.

අද වනතෙක් එම මුදල ගැන මන්ත්‍රීවරයා විමසීම් කරන බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මෑතක දී පැවති මාධ්‍ය හමුවේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින්ද ඉඟි පළ කරන ලදී.

මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු විසි වන සංශෝධනයට විරුද්ධව කිහිපවිටක්ම අදහස් පළ කළ අයෙකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads