Type Here to Get Search Results !

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..


කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.

එසේ පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු කියා සිටියේය.

එවන් තතත්වයකදී රෝගීන් රෝහලට එනවිට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්යය හිග වනු ඇතැයි ද පවසන ඔහු එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් කියා සිටියේය.

මෙවර කොරෝනා පොකුරේ පළවෙනි ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා බවත් එතරම් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම දැඩි ගැටළුවක් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads