කොස්ගොඩ පොලිසිය ඊයේ රාත්‍රියේ සිට තවකාලිකව වසා දමා තිබේ.
එම පොලිස් ස්ථානය නිලධාරීන් දෙදෙනෙක් ප‍්‍රතිකාර ලබා ගැනීමට ගිය අහුන්ගල්ල ප්‍රදේශයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක වෛද්‍යවරයෙක් කොරෝනා ආසාදිත වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
එහි නිලධාරීන් නිරෝධායනයට ලක් කර ඇති අතර පොලිස් ස්ථානය මුළුමනින්ම විසබීජහරණය කර වෙනත් පොලිස් කණ්ඩායමක් යොදවා නැවතත් සේවා පවත්වාගෙන යාමට විවෘත කිරීමට නියමිතය.


