පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාතර ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ සැඟවී සිටි බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි.
දැනට ඔහු එම ස්තානයෙන් බැහැරව ගොස් ඇතැයිද සදහන්ය.
අත්අඩංගුවට ගැනීමට නියමිත බදියුදීන් ඇතුලු සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.