අත්තනගල්ල කොට්ඨාසයේ 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වී ඇති බව තහවුරු වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් වෙති.
මෙම පිරිසෙන් වැඩි වැඩිම පිරිසක් එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අයයි.
ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට නිරෝධායන ලක්කර ඇතැයි ද කාර්යාලය කියා සිටී.


