Type Here to Get Search Results !

විශ්වවිද්‍යාලයක 90 ක් නිරෝධායනයට…


යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් එහි සිසුන් හා කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

වව්නියාව මණ්ඩපයේ කලමණාකරන පීඨයේ සිසුන් පිරිසක් හා කාර්යමණ්ඩලයේ පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කොට ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය දැනුම් දෙයි.

advertisement

එමෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ද මේ දින වල වරින් වර පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරවීමට රෝහල් කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු පුන්කුඩතිව් ප්‍රදේශයේ නිරෝධායනය වන පිරිස් සමීප ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබීමත් සමග මෙම පියවර ගෙන ඇත.

– වන්නි රමේෂ් මධුසංඛ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads