Type Here to Get Search Results !

කටුනායක වෙළෙඳ කලාපය ගැන ගත් තීරණය


පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ කටුනායක නිදහස් වෙළඳ කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ එම නිදහස් වෙළඳ කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

advertisement

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයා වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාව පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම කර්මාන්තශාලාවේ සේවකයින් පී.සී.ආර්  පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ වාර්තා ලැබෙන තෙක් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads