Type Here to Get Search Results !

කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..


– මෙම පුවත දිවයින පුවත්පතිනි

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත.

පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරී තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads