Type Here to Get Search Results !

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බිළිඳෙකුගේ පියෙකුටත් කොරෝනා – තාවකාලික පදිංචිය කොටිකාවත්තේ


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මාස පහක් පමණ වයසැති බිළිදෙකුගේ පියෙකුටද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ සිට අදාළ බිළිඳා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි ඔවුන් තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ කොටිකාවත්ත ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා කියා සිටියේ දරුවාගේ මව සහ පියා PCR පරීක්ෂණයකට යොමු කෙරුණු බවත් ඊයේ සිදු කළ PCR පරීක්ෂණයේදී පියාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත් මවට සහ දරුවා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බවත්, දරුවා ප්‍රතිකාර ලබන වාට්ටුවේ සේවක මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads