Type Here to Get Search Results !

හලාවත ප්‍රදේශයෙන් කොරෝනා වැළඳුණු උසස්පෙළ සිසුවෙක් හමුවෙයි


හලාවත ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හලාවත පොලිසිය සඳහන් කළා.

වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

එම ශිෂ්‍යයා හලාවත නගරයේ උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදනය වූ මෙම ශිෂ්‍යයා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ අවට නිවෙස් කිහිපයක පුද්ගලයින් නිරෝධායනයට ලක්කර ඇති බව හලාවත පොලිසිය සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads