Type Here to Get Search Results !

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවා.

අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනුණා.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවුණා.

හෙට (17) උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී දේහය තැන්පත් කරනු ලබන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads