ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
මෙම වාර්තා අද (23) උදෑසන ලැබී තිබෙනවා.
ඊයේ (22) දිනයේදී ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා..
මෙම වාර්තා සියල්ල මෙතෙක් ලැබී නැත. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම වාර්තා අද දිනයේ දී ලැබෙනු ඇති බවයි.
මේ අනුව දැනට හඳුනාගෙන ඇති ධීවරයන් සියලු දෙනා කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමුකරන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ සොයා බලා ඔවුන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.


