Type Here to Get Search Results !

තවත් ප්‍රදේශයක් LOCKDOWN


යාපනය පුංකුඩතිව් ප්‍රදේශයෙන් කොරෝණා ආසාධිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

පුන්කුඩතිව් ප්‍රදේශයෙන් වාර්ථාවූ කොරෝණා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සිට ඩබ්ලිව්.පී.එන්.ඩී. 6503 නැමති බස් රථයෙන් යාපනයට ගොස් ඇති අතර යාපනයේ සිට පුන්කුඩතිව් සිය නිවස දක්වා එන්.පී.එන්.ඩී. 8790 නැමති බස් රථවල ගමන් කොට ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතර එම බස් රථ වල ගමන්ගත් මගීන් ලඟම පිහිටි පොලීසියට හෝ සෞඛය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසට දැනුවත් කොට ඇත.

එමෙන්ම පුන්කුඩතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට ඉන් පිටව යාමේදී අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුල්විය හැකි අයුරින් සීමා පැනවීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම කොරෝණා ආසාදිත කාන්තාව ගමන්ගත් බස් රථවල සිටි මගින් යාපනය , නාගදීපය, පුන්කුඩතිව් ආදි ප්‍රදේශයන්හි සියයකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කොට ඇති අතර යාපනයේ සියලුම වැසියන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාව දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads