Type Here to Get Search Results !

කොළඹ නගරයේ කොරෝනා වාහකයන් 30,000 ක් සිටිය හැකි බවට තොරතුරු


කොරෝනා වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බව කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසනවා.

නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල PCR පරික්ෂාවක දී එයින් 5%ක් ආසාදිතයන් වී තිබු බවත්, ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා සඳහන් කළා.

ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත් කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළා.

එම රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් කියා සිටියා.

මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්ත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහි පෙනෙන ප්‍රමාණය මෙන් අති විශාල ප්‍රමාණයක් නෙ‍ාපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජේමුණි මහතා සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads