Type Here to Get Search Results !

මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි


තමන් ඊයේ දිනයේ අමු මාළු ආහාරයට ගැනීම නිසා අද රට පුරාම මාළු මිල ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවේ දී අමු මාළු ආහාරයට ගෙන පෙන්වූවේ ජනතාවට අමුවෙන් මාළු ආහාරයට ගන්නැයි කීමට නොවන බවද ඔහු පැවසීය.

තමන් ජනතාවට පෙන්වා දුන්නේ මේ මොහොතේ මාළු ආහාරයට ගැනීමට බිය නොවන්නැයි කියා බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාව අද මාළු කෑමට බිය ඇති වී තිබෙන බිය නැති කිරීමට තමන් නැටුවේ තොවිලයක් බවද ඔහු පැවසීය.

අද රට වටේම මාළු මිල ඉහළ ගොස් ඇති බව ධීවරයන් තමන්ට අමතක පැවසූ බවත් තමන්ට වුවමනා වූයේ එම බවත් ඔහු තව දුරටත් පැවසීය.

සම්පූර්ණ වීඩියෝව පහතින්

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads