Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකා පෙම්වතා රිමාන්ඩ්.. ජපාන බාලවයස් පෙම්වතිය පරිවාසයට..


වයස අවුරුදු 16ක ජපාන දැරියක් පැහැරගෙන විත් දූෂණය කලේ යයි චෝදනා එල්ල වූ ශ‍්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ඊයේ දිනයේ ලබාදුන්නේය.

එමෙන්ම ඒ සඳහා අනුබල තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද 24 හැවිරිදි තරුණයා ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන මෙරටට රැුගෙනවිත් ඇතැයි පොලිසියට ඇගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබිණි.

පසුව මාරවිල ප්‍රදේශයේ සැඟව සිටි දී ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට දැරිය ගැබිණියක් බවට පත්ව ඇතැයි පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.

එම ජපාන දැරියක් පරිවාස භාරයට පත් කර තැබීමට ද නියෝග කර තිබේ.

එම දැරියගේ මවුපියන් විසින් කරන ලද පැමිණිල්ල මත මෙම පරීක්ෂණ සිදුකර තිබිණි. කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාල ද මෙම ගැටළු සඳහා මැදිහත් වී තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads