කොවිඩ් රෝගය ව්‍යාප්තිය පාලනයට මහල් නිවාස නිරෝධායන කර තිබෙන අවස්ථාවේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ගේ කටයුතු කිරීම් ඉතා කණගාටුදායක බව නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.
එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අද දින අධිකරණයට ඉදිරිපත් කර දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හුදෙකලා කළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අද(12) දින සිට කොළඹ උතුර , මධ්‍යම , ගම්පහ හුදෙකලා කරන ලද ප්‍රදේශ ආශ්‍රිතව අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශවල පුද්ගලයින් සංචරණ සීමා වලට කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සිදුකරන බවයි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ.
"යම් කෙනෙක් සංචරණ සීමා ඒ වගේම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරනවානම් ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන දත්ත අනුව ඒ අවස්ථාවේම විශේෂ කාර්ය බලකායේ සහ පොලීසියේ කණ්ඩායම් යොදවා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා"


