Type Here to Get Search Results !

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..


අළුත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් දර්ගානගරයේ පදිංචි බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන එම්.ආර්.එම් රුස්ඩි මහතා කොවිඩ් 19 ආසාදිත බව (24) තහවුරු වී ඇතැයි දර්ගානගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිල් එරන්දක මහතා පැවසීය.

ඉකුත් 22 දින දර්ගානගරයේ පුද්ගලයන් 83 දෙනෙකු වෙනුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලයේ පළමු ප්‍රතිඵල 38 දෙනකු ගේ ලැබී ඇති අතර එම 38 දෙනාගෙන් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ආසාදිතයකු බව තහවුරු වීමත් සමගම මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු ඔහු ආගිය ස්ථාන නිරෝධායන කිරීමට කටයුතු කරන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම ආසාදිත මන්ත්‍රීවරයා ගිය බව කියන දර්ගානගරයේ ප්‍රාදේශීය සභා උප කාර්යාලය වසා දැමීමට කටයුතු කල බව පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads