කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය දින 20ක කුඩා ළදරුවා මුස්ලිම් ජාතික දෙමාපියන් යුවලකගේ දරුවකු බවත් දින 20ක ළදරුවකු ආදාහනය කිරීම ඛේදවාචකයක් බව සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එකතු වූ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි.
එම නිසා එම දරුවාගේ නාමයෙන් දැන්වත් කොවිඩ් 19යෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භුමදානය කිරිමට ඉඩ දෙන ලෙස මන්ත්‍රීවරයා තමන් සහයෝගය දෙන ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමද විශේෂත්වයකි.
ඉකුත් 8 වෙනිදා කොළඹ රිජ්වේ ළමා රෝහලේ දී කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් මිය ගිය දින 20ක් වයසැති ළදරුවා බාර ගැනීමට දෙමව්පියන් නොපැමිණි බවද වාර්තා වේ.
කොවිඩ් 19 හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීමට ඉඩ නොදීමට විරෝධය දැක්වීම සඳහා කොවිඩ් 19න් මියයන මුස්ලිම් ජාතිකයින් දේහයන් ඔවුන්ගේ පවුල් වෙතින් බාර නොගන්නා තත්වයක් මේ වන විට උද්ගතව තිබේ.
සමඟි ජන බලවේගය මන්ත්‍රී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බැව් සනාත කරමින් ප්‍රකාශ කළේ මේ වන විට කොවිඩ් 19න් මියගිය මුස්ලිම් ජාතිකයින් 21 දෙනෙකුගේ සිරුරු එම සිරුර භූමිදානය කිරීමට ඉඩ නොදීමට විරෝධය දැක්වීමක් ලෙස එසේ මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් විසින් බාර නොගන්නා බවය.