කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම තත්වයට පත්ව ඇතැයි පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කරයි.
ඊයේ දිනයේ රැස්වූ එම දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමිටුව තීරණය කරන ලද්දේ රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටයි.
එමෙන්ම නගරයේ ප්‍රධාන පාසැල් තුනක්ද වසා දැමීමට තීරණය කර ඇත. මුස්ලිම් පල්ලි ද සියල්ල වසා දමා ඇත.
කුඩුගල්නත්ත ප්‍රදේශයේ අහඹු ලෙස සිදු වූ සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 20කින් 07 දෙනෙකු ආසාදිතයන් යැයි හඳුනාගෙන ඇත.
දිස්ත්‍රික්කය තුල මේ වන විට කොරෝනා ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබේ.
පවතින අවදානම් තත්ත්වය නිසා නගරය ආශ්‍රිතවත් සංචරණය දැඩිව සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි.


