අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍යය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10)පෙරවරුවේ පැවසීය.
අළුත්ගම හා බේරුවල නගරවලදී සිදු කළ පී.සී. ආර්.පරීක්ෂණවල ප්‍රථිපලවලින් මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු කරගෙන ඇති අතර බේරුවල නගරයේ අවන්හල් දෙකකින් ආසාදිතයින් 04 ක් ද ,අලුත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන පහකින් ආසාදිතයින් 06 දෙනෙකුද හමුවී තිබේ .
එම ව්‍යාපාරික ස්ථානයන්හී සෙසු සේවක පිරිස් නීරෝධායනයට යොමුකර දින කිහිපයකින් පසු පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කරන බව සෞඛ්‍යය අංශ සහ අළුත්ගම , බේරුවල පොලිස් ස්ථානයන්හී කොවිඩ් 19 වැලැක්වීමේ පොලිස් ඒකක නිළධාරීන් පැවසීය.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා