දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අය සඳහා ද අද සිට කොවිඩ් ඇන්ටිජන් ප්‍රතිදේහජනක පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි පිවිසුම් ස්ථාන තුනක දී බස්නාහිර පළාතෙන් පිටවන අය සම්බන්ධයෙන් අද උදෑසන සිට පරීක්ෂණය පවත්වන බවයි
මීට පෙර, කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා නිවේදනය කළේ.
වැඩිදුර දැනුම් දෙන තුරු කොවිඩ් ඇන්ටිජන් ප්‍රතිදේහජනක පරීක්ෂණ අහඹු ලෙස පවත්වන බවයි ඔහු පැවසුවේ.
මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ – නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල – කොළඹ පාරේ සාලාව – කොස්ගම සහ කොළඹ – හලාවත පාරේ කටුනායකදී සිදුකෙරෙනවා.
කෙසේ වෙතත්, අද දහවල් වන විට, දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා බස්නාහිර පළාතෙන් පිටවන අය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ ස්ථාන ද සකසා තිබෙනවා.


