මහනුවර මහයියාව ප්‍රදේශය සඳහා සංචාර සීමා පැනවීමට තීරණය කර තිබේ.
කොරෝනා ආසාදිතයන් 28 දෙනකු එම ප්‍රදේශවල වාර්තා වීම නිසා මෙම පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරයි.
එම ප‍්‍රදේශයේ මහනුවර නගරයට සේවා සපයන විශාල පිරිසක් ජීවත් වන බවත් ඔහු පැවසීය.
එමෙන්ම මීට පෙර බෝගම්බර ප්‍රදේශයට ද සංචාරක සීමා පනවා නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් මහනුවර නගර සභා සීමාව තුළ වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගෙන ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.