Type Here to Get Search Results !

20ට විරුද්ද වූ කණ්ඩායම ජනාධිපතිට, ආණ්ඩුවට විරුද්දව කුමන්ත‍්‍රණයක.. අපි තවත් ඉවසන්නේ නෑ..- ප‍්‍රමිත


ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඉතා සූක්ෂම ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

දිගින් දිගටම මේ කටයුත්ත සිදු කළහොත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව කුමක් කරන්න ගියත් එම පිරිස විරුද්ධ වන බවත් එම කණ්ඩායම අතර කැබිනට් ඇමැතිවරුන් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අදාළ පිරිස විසිවැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදීද විරෝධය එල්ල කළ බවද ඔහු කියයි.

ඔහු මේ බව සඳහන් කළේ මාතලේ නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආණ්ඩු පක්ෂයේම ඇතැමුන් ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ජනාධිපතිගේ වැඩපිළිවෙළට 100%ක් සහයෝගය ලබාදෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads