එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.
ඔහු පවසන්නේ 2024දී ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බවයි.
බලපිටිය සහ අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ ආණ්ඩුව ලබා ගැනීම සඳහා වන සැලසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට හැකි වනු ඇති බවත් ය. එමෙන්ම, වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිලිවෙළ කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ අමාත්‍යවරුන් 2024 දී නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


