පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමග එවක විපක්ෂයෙන් හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළද පාස්කු වාර්තාව මගින් ඔවුන්ට අපරාධ චෝදනා එල්ල කොට නොතිබීම විශේෂ සිදුවීමකි.
අදාළ වාර්තාවට අනුව තඹ කම්හල සම්බන්ධයෙන් පමණක් රිෂාඩ් බදුර්දීන්ට චෝදනා එල්ල කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස නිර්දේශ කොට තිබේ.


