Type Here to Get Search Results !

නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..


කොළඹ වරාය නැගෙනහිර ජැටිය වෙනුට බටහිර සමග එක්ව කටයුතු කිරීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව විසින් මෙරට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදීම නිසා බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවොත් ලබාදීම නතර විය හැකි බවයි.

එමෙන්ම බටහිර පර්යන්ත සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුවක් දක්වන්නෙ නැතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads