Type Here to Get Search Results !

මාස 03ක් ඇතුලත කොරෝනාවෙන් රට නිදහස්..


මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් – 19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ හතලිස් දහසකට ආසන්න පිරිසකට 03 වනවිට එන්නත් ලබාදී තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවුසවේ, “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබා දීමට කැමැත්ත පලකරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයෙදී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා” යනුවෙනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads