Type Here to Get Search Results !

EXCLUSIVE ඉම්රාන්ගෙන් සජිත්ට හදිසි කැඳවීමක්..


පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පාකිස්තාන අගමැතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.

පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ කාලසටහනේ විපක්ෂයේ කිසිදු පක්ෂයක් සමග සාකච්ජා පවත්වන බවක් සදහන්ව තිබුණේ නැත.

ඉහළින් ආ බලපෑමක් හේතුකොට ගෙන එම විපක්ෂ හමුවීම් අවලංගු කොට තිබූ බවද වාර්තා වී තිබිණ.

කෙසේවෙතත් එම තත්ත්වය වෙනස් කරමින් අද (24) දින පාකිස්තාන අගමැතිවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා පැවැත්වීමට තීරණය කොට ඇත.

මීට අමතරව දිවයිනෙන් පිටව යාමට ප්‍රථම මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී සාකච්ජා පැවැත්වීමටද ඉම්රාන් ඛාන් මහතා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads