Type Here to Get Search Results !

තවත් කොටසක් ලොක්ඩවුන්…


බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වත්තේ පි.සි කොටස (23) දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

එම වතු යායෙන් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු එකලොස් දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මිට ප්‍රථම හදුනාගත් බවත් , ඉන් එක් අසාදිතයෙකු නිදන්ගත රෝග කිහිපයක් උත්සන්න විම නිසා ජිවිතක්ෂයට පත් වු බවයි එම නිලධාරියා කියා සිටියේ.

එම අසාදිතයන්ගෙන් ආශ්‍රිතයන් 100 කට අසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්,එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බවයි එම නිලධාරියා කියා සිටියේ.

සංචරණ සිමා පැනවු බගවන්තලාව චැපල්ටන් වත්තේ පි.සි කොටස බගවන්තලාව පොලිසිය විසින් ජංගම මුර සංචාරද යොදවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads