Type Here to Get Search Results !

අපි පලාත් සභා මැතිවරණය පවත්වනවා.. අකමැති සුළු පක්‍ෂ ඉවත්ව යනු…- පොහොට්ටුව කියයි..


කිසිවෙකු හෝ පළාත් සභා ක්‍රමයට විරුද්ධ අයෙක් ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව තරග නොකර ඉදිරියේදී කැමති තීරණයක් ගත හැකි බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බවද ඒ සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු බවද ඒ මහතා පැවසීය.

සර්වජන ඡන්ද බලය පොදු ජනතාවගේ පරමාධිපත්‍ය නිසා එම මැතිවරණය කල් දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද ඇමතිවරයා ගේ අදහසයි.

එනිසා පොදු ජන පෙරමුණ සමඟ එක්ව යන්න කැමති ඕනෑම පක්ෂයකට එක්ව ඊට ඉදිරිපත් විය හැකි බවත් පළාත් සභා ක්‍රමය වර්ජනය කිරීම ඕනෑම පක්ෂයක අයිතියක් බවත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය විසින් කළ විමසීමක දී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads