අම්පාරේ පල්ලියක් කඩා දැමීම සඳහා සියලු උපදෙස් දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතා බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.
ඒ බව හිටපු ජනාධිපතිවරයාද බවසන බවත් ඊට අදාළ හඬ පට තමන් සතුව ඇති බවත් ඔහු පැවසීය.
තමන් අත්අඩංගුවට ගතහොත් අවශ්‍ය වුවහොත් අධිකරණයේදී ඒවා ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කොමිසමේ වාර්තාව තුල ආණ්ඩුව බලාපොරොත්තු වූ පුද්ගලයන්ගෙන් නම් නොමැතිවීම හේතුවෙන් කේන්තියෙන් තමන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඔහු එහිදී කියා සිටියේය.


