Type Here to Get Search Results !

පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ කොරෝනා එන්නත් ලබා දීමක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ කුමන ප‍්‍රමුඛතා පදනමකින්දැය ප‍්‍රශ්ණ කරන ඔහු අද වන විට මෙරට කොරෝනා දේශපාලනයක් සිදුවන බවද එමඟින් විද්‍යාත්මක පදනමකින් එන්නත්කරණය සිදු නොවන බවත් පැවසීය.

කොරෝනා වසංගතය පරාජය සදහා නම් මුළු ජනගහනයෙන් 70%ක් වත් එන්නත්කරණය කළ යුතු බවද පැවසූ ඔහු එහි දී අවදානම් සහිත සඳහා මූලිකත්වය ලබාදිය යුතු බවද කියා සිටියේය.

නමුත් අද සිදු වන්නේ එය නොවන බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් තමන් හිතවතුන්ට කෝටා ක්‍රමයට එන්නත් කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාම මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් බවත් තමන් අයත් වන්නේ කුමන කාණ්ඩයට දැයි මෙතෙක් නිශ්චිතව නොදන්නා බවද කියා සිටියේය.

රටේ ජනතාවටද ඇතිව තිබෙන මෙම අවිනිශ්චිත තත්ත්වය නිසාම ජනතාව තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පාවිච්චි කරමින් එන්නත ලබා ගැනීම සඳහා පොර කමින් සිටින තත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads