Type Here to Get Search Results !

ආසාදිතයින් 40ක් එකවර වාර්තා වූ ගමක්


වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු සහ අහඹු ලෙස සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 10 දෙනෙකු ලෙසය.

එම රෝගීන් සියලු දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

රෝගීන් විශාල පිරිසක් එකවර වාර්තාවීම හේතුවෙන් බොරගස් හා රේන්දපොළ ප්‍රදේශවල සියලු වෙළෙඳසැල් වසා දැමීමට ද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණ කටයුතු ද සීමා කර ඇත.

මේ අතර  හුදකලා කර ඇති ගිනිගත්හේන කඩවල වතු යායෙන් නව අසාදිතයන් 24 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන්ය.

ඒ අනුව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් අසාදිතයන් 47දෙනෙකු ඊයේ (23) හඳුනාගෙන තිබුණි.

එම 47 දෙනා හඳුනාගෙන තිබුණේ 80 දෙනෙකු සඳහා සිදුකර තිබූ PCR පරීක්ෂණවලිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads