Type Here to Get Search Results !

ඔන්ලයින් ඇනවුම් කර ‘ ගෙදරටම මත්පැන් ගෙන්වා ගන්න ‘ ක්‍රමවේදයක්


සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය නියමු ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

ලැබී ඇති ඉල්ලීම් නිසා මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

සංචරණ සීමා පනවා තිබීම නිසා දිවයින පුරා සුරාසැල් වසා දැමීමත් හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් පරිහරණයට සහ නිෂ්පාදනය පෙළඹී ඇති බවට පසුගිය කාල සීමාවේදී නිරීක්ෂණය වී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

සිය නිවෙස් තුලදිම නීති විරෝධී අයුරින් මත්පැන් පෙරීමට ඇතැමුන් කටයුතු කර ඇති අතර මෙවැනි කටයුතු නිසා ඉදිරියේදී රජයේ බදු ආදායම් දීර්ඝ කාලීනව අහිමිවී යාමේ අවදානමක් ඇති බවට සුරා බදු නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads