කෝට්ටේ මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයකුට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්දැයි සැක පළ වෙයි.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඔහු ඔහුගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.
අදාළ ප්‍රදේශයේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ද කටයුතු සලසා තිබේ.
මේ වන විට ඉන්දීය ප්‍රභේදය ආසාදිතයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර එම ප්‍රදේශය මේ වන විට වසා දමා ඇත.


